A/L Accounting 2026 Speed Revision With Paper Class

A/L Accounting 2026 Speed Revision With Paper Class

Sandaruwan S Hewage

B.Sc.(B.Ad)sp (university of Sri Jayewardenepura)
CA (final - I), MAAT
පන්ති කාලසටහන (Class Schedule)
දිනය May 03, 2026
වේලාව 08:00 PM
කාලය 180 min
පාඨමාලාව පිළිබඳව
2026 උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වී සිටින ඔබට ඉතිරිව ඇති කාලය තවත් දින 100කට වඩා අඩු කාලයක් වන අතර මේ අවස්ථාවේදී ඔබ විසින් සිදු කළ යුතු ප්‍රධානතම කාර්ය වන්නේ පෙර පුහුරු ප්‍රශ්න පත්‍ර විසඳීම හා පසුගිය විභාග ප්‍රශ්න විසඳීම වන නිසා ඔබේ ඉලක්කය ඔබ සිතනවාටත් වඩා ඉහළ මට්ටමකින් ලබා ගැනීම සඳහා ඔබව පහත ආකාරයට මෙම වැඩසටහන යටතේ බලගැන්වීමට අරමුණු කරමි. එනම් , 01. ප්‍රශ්න පත්‍රයේ ආකෘති හඳුන්වා දෙමින් ප්‍රශ්න සකස් වන ව්‍යුහයත් ඒවාට ලකුණු ලැබෙන ආකාරය දැනුවත් කිරීම. 02. ඔබ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට මාතෘකාවෙන්නො මාතෘකාවට ලබාදෙන කෙටි ප්‍රශ්න හා ව්‍යුහගත ප්‍රශ්න ඇතුළත් නිබන්ධනයෙහි ප්‍රශ්ණ මත එක් එක් මාතෘකාවට අදාල සිද්ධාන්ත කොටස් සාකච්ඡා කිරීම. 03. පසුගිය විභාග ප්‍රශ්න (2015 - 2025 දක්වා) සාකච්ඡා කරමින් ඔබ ලබාගත් දැනුම මත විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හැකි බවට විශ්වාසය ඇති කිරීම. 04. සෑම මාතෘකාවක් අවසානයේදීම ඒ පිළිබඳ ඔබට ස්වයං ඇගයීමක් කිරීමට පරීක්ෂණයක් පැවැත්වීම. කෙසේ නමුදු ඉහත වැඩ කටයුතු මා විසින් ඔබට හඳුන්වා දෙනු ලබන අධ්‍යයන කාල සටහනකට අනුව සිදුකිරීම මත ඔබ හදාරන අනෙකුත් විෂයන්ටද බාධාවක් නොවේ. ඔබේ ඉලක්කය කරා ළඟා වීමට අවස්ථාව සලසා දෙනු ලබන අතර එය ජීවිතයේ විඳවමින් ගිණුම්කරණය කිරීම වෙනුවට ජීවිතය විඳිමින් ගිණුම්කරණය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් වේ.
විෂය නිර්දේශය (Curriculum)

  • 01 .ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය
  • 02.ගිණුම්කරණ සමීකරණය
  • 03.ද්විත්ව සටහන් ක්‍රමය
  • 04.මූලික සටහන් පොත් හා VAT පිළිබද ගිණුම්කරණය
  • 05.බැංකු සැසදුම් විස්තර
  • 06.ලෙජරය නඩත්තු කිරීම හා පාලන ගිණුම්
  • 07.ගිණුම්කරණ සංකල්ප
  • 08.කේවලසාමි ව්‍යාපාර අවසන් මූල්‍ය ප්‍රකාශන
  • 09.වැරදි නිවැරදි කිරීම් හා අවිනිශ්චිත ගිණුම්
  • 10.ගිණුම්කරණ ප්‍රමිති ( I - කොටස)
  • 11.ගිණුම්කරණ ප්‍රමිත (II - කොටස)
  • 12.නිෂ්පාදන ව්‍යාපාර අවසන් මූල්‍ය ප්‍රකාශන
  • 13.අසම්පූර්ණ සටහන්
  • 14.ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගිණුම්කරණය
  • 15.හවුල් ව්‍යාපාර ගිණුම්කරණය
  • 16.සමාගම් ගිණුම්කරණය
  • 17.පිරිවැය ගිණුම්කරණය
  • 18.ආන්තික පිරිවැය ගිණුම්කරණය
  • 19.ප්‍රාග්ධන ආයෝජන තීරණ
  • 20.මුදල් ප්‍රවාහ ප්‍රකාශන
  • 21.ගිණුම්කරණ අනුපාත
මාසික ගාස්තුව

නොමිලේ (Free)

මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඉගෙනීම ඇරඹීමට කරුණාකර පද්ධතියට ඇතුළු වන්න (Login).